එදා වේල හොයාගෙන කන අය ජීවත්වන රටක් ලොක් ඩවුන් කරන්න අමාරුයි - පවිත්‍රා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 17, 2020

එදා වේල හොයාගෙන කන අය ජීවත්වන රටක් ලොක් ඩවුන් කරන්න අමාරුයි - පවිත්‍රා

කොරෝනා වසංගත තත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකාව ලොක් ඩවුන් කිරීමකට යනවාද යන්න ඊයේ සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු කළ විමසුමකට පිලිතුරු දුන් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි එය සිතන තරම් පහසු කටයුත්තක් නොවන බව දන්වා සිටියාය.
තමා ජනපති සමග කාර්ය සාධන රැස්වීමේදීද මේ ගැන කතා කළ බවත් එහිදීද තීරණය වූ ආකාරයට පහසුවෙන් මේ දෙය කළ නොහැකි බවත් දන්වා සිටියාය.

තමා රත්නපුර ප්‍රදේශයේ මන්ත්‍රීවරියක ලෙස ජනතාව සමග ගැවෙසෙන බවත් කුලී වැඩක් සොයාගෙන එදා වේල කන ජනතාවගේ දුක තමන් හදුනන බවත් එලෙස අර්ථික අසීරුතා ඇති වැඩිමනක් සිටින ලංකාවේ  අය මේ ආකාරයට නිවෙස් වල රදවා දින 14 ක් පමණ තබන්නට සිදුවුවහොත් කන්නට දෙයක් නැතිව ගැටලු මතුවිය හැකි බවද කන්නට බොන්නට සියල්ලන්ට සපයා අත්‍යවශ්‍ය සේවා සැපයීමට විධිමත් ක්‍රමවේදයක් සැකසීම අපහසු බවද කියා සිටියාය.

ආර්ථික ප්‍රශ්න පවතින ලංකාව වැනි රටක ලොක් ඩවුන් කිරීමකට යාම අසීරු බව පෙන්වා දුන් ඇය අවශ්‍යම වුවොත් පමණක් ඒ තත්වයට යාම සිදුවිය හැකි නමුත් ඊට ඉක්මන් නොවන බව කීවාය.


No comments:

Post a Comment

Post Bottom Ad