පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක සහ ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් නැමැත්තා නිදහස් කිරීමට හැකිදැයි ඇසීමට ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු විසින් හිටපු CID ප්‍රධානී ශානි අබේසේකරට 2019 අප්‍රේල් 22 වනදා ඇමතුම් 2ක් ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.
පාස්කු ප්‍රහාරයට අදාල විමර්ෂණ කටයුතු උදෙසා සිදුකළ දුරකතන දත්ත විමර්ෂණ හා ප්‍රශ්න කිරීම් ඔස්සේ මේ බව හෙළිව තිබේ.
මෙහිදි අදාල මන්ත්‍රීවරයා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව මොහොමඩ් ඊබ්‍රාහිම් විසින් දැන සිටි බව තමන් විශ්වාස නොකරන බවත් ඔහුව නිදහස් කිරීමට හැකියාවක් ඇත්තදයි විමසා ඇති අතර, ශානි අබේසේකර ප්‍රකාශ කර ඇත්තේ අධිකරණයට ඊබ්‍රාහීම් ඉදිරිපත් කළ විටෙක ඇප ලබා ගැනීමට අවස්තාවක් පවතින බවයි.
මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 24 දින රැස්වූ ප්‍රථම පාර්ලිමේන්තු සැසියේදි අදාල මන්ත්‍රීවරයා නියෝජනය කරනා පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ මොහොමඩ් ඊබ්‍රාහීම් ඉලක්ක කර ඔවුන්ගේ පක්ෂයට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් වන බවත් ඔහු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ අයෙක් යැයි තමන් විශ්වාස නොකරන බවය. පුතාලගේ වැරදිවලට පියාට බැණ වැදීම අසාධාරණ බවද ඔහු වැඩි දුරටත් පැවසූහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුවීම පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
lankamag
Source -Colombotoday
Friday, April 17, 2020
Home
දේශපාලන
දුරකථන සංවාදවලින් ජවිපෙත් රෙදි ගැලවෙයි,මොහොමඩ් ඊබ්‍රහිම් නිදහස් කිරීමට CID ශානි අබේසේකරට ජවිපෙන් ඇමතුම් !
දුරකථන සංවාදවලින් ජවිපෙත් රෙදි ගැලවෙයි,මොහොමඩ් ඊබ්‍රහිම් නිදහස් කිරීමට CID ශානි අබේසේකරට ජවිපෙන් ඇමතුම් !
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment