එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 221 දෙනෙකු දිවයිනට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 29, 2020

එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 221 දෙනෙකු දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 221 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් අද දහවල් දිවයිනට පැමිණියා.

එම පිරිස ගුවන් හමුදාව විසින් විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න පිළිබදව සෞඛ්‍ය අංශ පරීක්ෂා කිරීමෙන් පසු නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණු බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, මෙරටින් පිටවීමට නොහැකිව සිටි ඉන්දීය ජාතිකයින් 170ක් ද අද දිනයේ යළි ඉන්දියාව බලා පිටත්ව ගියේ විශේෂ ඉන්දීය ගුවන් යානයකින්.

No comments:

Post a Comment

Post Bottom Ad