"අපට ඔප්ශන් දෙකයිනෙ තියෙන්නෙ. එක්කෝ සම්පූර්ණයෙන් මිලිටරි පාලනයකට අපි යන්න ඕනෙ. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අපි යන්න ඕනෙ.
අද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට යන්න, මැතිවරණයට යන්න පාර්ලිමේන්තුව විසුරුවලා තියෙනවා. විපක්ෂයේ මේ දෙගොල්ලො උත්සාහ කරන්නෙ පුළුවන් තරම් මැතිවරණය කල්දාන්න.
ඉතිං අපට තේරෙන දේ තමයි තමන්ගෙ ආණ්ඩු කාලෙදි ඩෙංගු පාලනය කරගන්න බැරිවෙච්ච එක්සත් ජාතික පක්ෂය අද මැතිවරණ කොමිසමට උපදෙස් දෙනවා, මැතිවරණ තියන්න ඕනෙ කොහොමද කොරෝනා ඇතුළෙ කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මැතිවරණය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්වය පිළිබඳ මාධ්‍යවේදීන් ඊයේ (28) නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.


No comments:
Post a Comment