මාළු විකුණගන්න බෑ…ධීවරයෝ මුහුදු යන්නෙ නැහැ – ඇමතිලාට ආනයනික සැමන් රු 200ට දීම වීර ක්‍රියාවක් – ධීවරයෝ චෝදනා කරති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 19, 2020

මාළු විකුණගන්න බෑ…ධීවරයෝ මුහුදු යන්නෙ නැහැ – ඇමතිලාට ආනයනික සැමන් රු 200ට දීම වීර ක්‍රියාවක් – ධීවරයෝ චෝදනා කරති

ශ්‍රී ලංකාවේ ලක්ෂ 3කට අධික වන ධීවර පවුල් කෝවිඩ් වසංගතයෙන් පසුව මාළු විකුණා ගැනීමට නොහැකි වීම නිසා අසරණ වී ඇති තත්වයක් යටතේ ධීවරයින් 20% මුහුඳු නොයන බවද වාර්තා වේ. එවැනි තත්වයක් යටතේ ආනයනික ටින් මාළු වලට බදු සහන දෙමින් ඒවා අඩු මිලට විකිණීමට තීන්දු කිරීම රජය විසින් කළ ගොන් තකතීරු ක්‍රියාවක් බවට ධීවරයෝ චෝදනා කරති.

ඔවුන් කියන්නේ ආණ්ඩුව සැබවින්ම කළ යුත්තේ රටේ තියෙන ටින් මාළු කර්මාන්තශාල 07 මගින් අතිරික්ත මාළු මිලදීගෙන මාළු මිල ස්ථාවර කළ යතු බවය.

දේශපාලකයන් අමු මාලු කෑ පමණින් මාළු වෙලඳපලේ අවුල විසදිය නොහැකි බවද ඔවුහු කියති.

කෙසේ වෙතත් ටින් මාළු ආනයනකරුවන් සමග එක්වූ නිලධාරීන් පිරිසකගේ මැදහත්වීමෙන් ආනයනික ටින් මාළු සඳහා ලබා දුන් බදු සහනය අහෝසිකොට නැවත බදු පැනවීමට ආණ්ඩුව තීරණය කළ බව වාර්තා විය.


No comments:

Post a Comment

Post Bottom Ad