විල්සන් කරු 5000 ආධාර පෝලිමේදී අත්අඩංගුවට.. නිරෝධායන කඩ කර පොලිසියට ගහන්න පැනලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 19, 2020

විල්සන් කරු 5000 ආධාර පෝලිමේදී අත්අඩංගුවට.. නිරෝධායන කඩ කර පොලිසියට ගහන්න පැනලා !

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුලපන පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන නීති කඩකරමින් පොලිස් රාජකාරියට බාධා කල බවට චෝදනා එල්ල කරමිනි.

මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින අතර වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

විල්සන් කරු මහතා මුඛ ආවරණයක් නොමැතිව රුපියල් පන්දාහේ ආධාරය ලබා ගැනීමට පැමිණ සිටි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මුඛ ආවරණයක් පැළඳ ගෙන පැමිණෙන්නැයි හිස් පොලිස් නිලධාරීන් අවවාද කල අවස්ථාවේ එම පොලිස් නිලධාරියාට පහර දීමට උත්සාහ කළ නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad