ඇමති ජනක බණ්ඩාරට ගොනු කර තිබූ මිනී මැරුම් අධි චෝදනා බලරහිත කරමින් රීට් ආඥාවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 20, 2020

ඇමති ජනක බණ්ඩාරට ගොනු කර තිබූ මිනී මැරුම් අධි චෝදනා බලරහිත කරමින් රීට් ආඥාවක් !

මති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට විරුද්ධව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කර ඇත.

නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබුණේ 1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිදුවීමක් සම්බන්ධයෙනි.

එම වසරේ මහවෙල ප්‍රදේශයේ දී සිදු වූ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් යහපාලන රජය විසින් තමන්ට විරුද්ධව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ බව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අධිකරණයේ ගොනු කරන ලද රීට් පෙත්සමේ සඳහන් කර තිබිණි.

මෙම තහනම් නියෝගය නිකුත් කරන ලද්දේ අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.


No comments:

Post a Comment

Post Bottom Ad