ඉපයූ ආකාරය හෙළිකළ නොහැකි ඕනෑම මුදලක් ශ්‍රී ලංකාවට ගේන්න, අපි ප්‍රශ්න අහන්නේ නෑ - බන්ධුල - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 19, 2020

ඉපයූ ආකාරය හෙළිකළ නොහැකි ඕනෑම මුදලක් ශ්‍රී ලංකාවට ගේන්න, අපි ප්‍රශ්න අහන්නේ නෑ - බන්ධුල

පයූ ආකාරය හෙළිදරව් කළ නොහැකි ඕනෑම මුදලක් මෙරටට ගෙන එන ලෙසත් ඒ පිළිබඳ කිසිදු ප්‍රශ්න කිරීමක් සිදු නොකරන බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. "ඉපයූ ආකාරය හෙළිදරව් කළ නොහැකි, දේශීය හෝ විදේශීය වශයෙන් තියෙන ඕනෑම මුදලක් රටේ සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශයක් දීලා ලක්ෂයක් ගෙව්වට පස්සෙ ඒ පිළිබඳ කිසිදු ප්‍රශ්න කිරීමක් කරන්නෙ නෑ. 

එහි ප්‍රධාන අරමුණ තමයි ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයක් මේ අයවැය ලේඛනයෙන් ලබාදීලා තියෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෙළිදරව් නොකළ මුදල් මෙවැනි ව්‍යාපෘති වලින් වැඩි වැඩියෙන් යොදවන්න පෞද්ගලික අංශය පෙළඹෙයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති රැස්වීමක් අමතමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad