අර්ජුන් මහේන්ද්‍රන්ට සිතාසි දෙන්න බැරි නිසා බැඳුම්කර නඩුව ඉදිරියට ගෙනියන්න බෑ - ඇමති අලි සබ්‍රි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 19, 2020

අර්ජුන් මහේන්ද්‍රන්ට සිතාසි දෙන්න බැරි නිසා බැඳුම්කර නඩුව ඉදිරියට ගෙනියන්න බෑ - ඇමති අලි සබ්‍රි

හ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයෙහි පවරා ඇති නඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි. 

"නඩු දාලා තියෙනවා විශේෂ මහාධිකරණයේ ඔබතුමාලා පිහිටුවපු. නඩුව ඉදිරියට යන්න බෑ, සිතාසි දෙන්න බෑ අර්ජුන් මහේන්ද්‍රන්ට. එතුමා රට දාලා ගිහිල්ලා. ඒක තමයි මේකෙ ප්‍රශ්නය. ඒ හින්දා නඩු දාලා තියෙනවා, නඩු කරන්නත් ලෑස්තියි, ඔක්කොම හරි. කවුද ගෙනාවෙ එයා ?" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) අයවැය විවාදය අතරතුර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad