බදියුදීන්ගේ කුටිය වටේට කොරෝනා ආසාදිතයන්.. ඉන්න බෑ කියා ඇප ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 19, 2020

බදියුදීන්ගේ කුටිය වටේට කොරෝනා ආසාදිතයන්.. ඉන්න බෑ කියා ඇප ඉල්ලයි

ක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවේ කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එමෙන්ම එම වාට්ටුව පිරිසිදු කරන රැදවියන් කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබේ.

මේ බව ඊයේ දිනයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේද හෙළිවිය.

ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා ඒ වෙත නොකැදවා බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්‍ෂණය මගින් සාක්ෂි ලබා ගැනීම සිදු කරන ලදී.

මේ තත්ත්වය මත මන්ත්‍රීවරයා ඇප ඉල්ලීමක් සිදුකර ඇත.

තමනට බන්ධනාගාරය තුළ සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් නොමැති හෙයිනි ඇප ලබා දෙන්නැයි මෝසමක් අධිකරණයට ඔහුගේ නීතීඥයන් ඉදිරිපත් කර තිබේ.

මෙම මෝසම් 25 වැනිදා සලකා බැලීමට නියමිතව ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad