ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු යාන්ත්‍රික බලකා සේනාංකය විසින් එහි සොල්දාදුවන්ට අලෙවි කිරීමට ලබාදී ඇති ලොතරැයියක් හේතුවෙන් ඔවුන් බරපතල අපහසුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ.
මේ ලොතරැයිය රුපියල් 100ක වටිනාකමින් යුක්ත බව පැවසෙන අතර එක් සොල්දාදුවකු එවැනි ලොතරැයි 40ක් අලෙවි කළ යුතු බවද පැවසේ.
එම ලොතරැයි අනිවාර්යෙන් අලෙවි කළ යුතු බවට සොල්දාදුවන්ට නියෝගයක් ද දී ඇතැයි වාර්තා වේ.
රට තුළ පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් ඔවුන්ට එම ලොතරැයිපත ජනතාවට අලෙවි කිරීමේ හැකියාවක්ද නොවීම නිසා ලොතරැයිපත් 40 වටිනාකම සොල්දාදුවන්ට අතින් ගෙවීමට සිදුව ඇතැයි ද මේ අතර වාර්තා වේ.
ලොතරැයිය ලබන නොවැම්බර් 28 වැනිදා දිනුම් ඇදීමට නියමිතය.
-srilankamirror


No comments:
Post a Comment