කොරෝනා ආසාදිතයන් මහ පාරේ මැරෙන කතා බොරු.. පාරේ මිය ගියේ යාචකයෙක් පමණයි - හමුදාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 20, 2020

කොරෝනා ආසාදිතයන් මහ පාරේ මැරෙන කතා බොරු.. පාරේ මිය ගියේ යාචකයෙක් පමණයි - හමුදාපති

කොරෝනා ආසාදිත රෝගීන් මහ පාරේ තැන තැන වැටී මිය යන බවට පළ වන වාර්තා අමූලික බොරු බව කොරෝනා පාලනය කිරීමේ ක්‍රියා නෙක මධ්‍යස්ථානය ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

පාරේ වැටී මියගොස් ඇත්තේ එක් යාචකයෙකු පමණක් යැයිද ඒ මහතා පැවසීය.

එසේ අසත්‍ය ප්‍රචාර කළ පුද්ගලයන් කිහිප දෙනෙකු දැනටමත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් 25 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

නිවෙස්වල මියගොස් ඇති වැඩි පිරිසක් නිදන්ගත රෝගවලින් පෙළුනු අය බවට සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී ඇතැයි ඒ මහතා පැවසීය.

නිදන්ගත රෝග සහිත පුද්ගලයන් නිවෙස්වල සිටී නම් හෝ කිසියම් අපහසුතාවක් ඇතැයි හැඟීමක් ඇති වුවොත් ළඟම ඇති රෝහලට වහාම යන්නයි තමා ඉල්ලා සිටින බවද ඔහු කීය.

එවන් පුද්ගලයන් රෝහලට ගෙන යාමට වෙනම ගිලන් රථ සේවාවක් අරඹා ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad