විෂබිජහරණයට පැමිණි නගර සභා සේවකයෝ වෙලදසැලේ තිබු මුදල් සහ භාණ්ඩ කොල්ල කයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 7, 2020

විෂබිජහරණයට පැමිණි නගර සභා සේවකයෝ වෙලදසැලේ තිබු මුදල් සහ භාණ්ඩ කොල්ල කයි..

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකු හමුවිම නිසා වසා දමා තිබු හැටන් නගර මධ්‍යයේ පිහිටි මත්ස්‍යය වෙලදපෙලේ විෂබිජහරණයට ලක් කිරිමට (06) දින පැමිණි හැටන් දික්ඔය නගර සභාවේ සේවකයින් එම වෙලදසැලේ තිබු මුදල් සහ භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව එම මත්ස්‍යය වෙලදපොලේ කලමණාකාරවරයා පැවසිය.

එම මත්ස්‍යය වෙලදපොලේ මුදල් කවුන්ටරය කඩා එහි තිබු රු තිස්හත්දහසක මුදල් සහ මත්ස්‍යය වෙලදසැලේ අලෙවි කිරිමට තිබු රු පනස්දහසක් පමණ වටිනා මිරිස් කුඩු , පොල්තෙක් බෝතල් කිහිපයක් සහ  වෙලදසැලේ පාරිභෝගියන්ට මාළු ලබා දිමට තිබු  පත්තර තොගයක්ද සොරාගෙන ගොස් ඇත.

එම වෙලදසැලේ සේවය කල සේවකයින් සෞඛ්‍යය අංශ විසින් ස්වයං නිරෝධානයට යොමු කර තිබු අතර , එම ස්වයං නිරෝධානය (07) දින අවසන් විමෙන් පසු එම මත්ස්‍යය වෙලදපොල සුද්ද පවිත්‍ර කිරිමට පැමිණි එම සේවකයින් එම මත්ස්‍යය වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදි මුදල් සහ භාණ්ඩ සොරාගන්නා ආකාරය එහි සටහන් වි තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් එම මත්ස්‍යය වෙලදසැලේ කලමණාකරු විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad