මහ පාරේ රූගත කල අසභ්‍ය වීඩියෝවේ සුලමුල හෙලි වේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 4, 2021

මහ පාරේ රූගත කල අසභ්‍ය වීඩියෝවේ සුලමුල හෙලි වේ

ප‍්‍රධාන මාර්ගයක මෝටර් රථයක් තුළ කිහිප දෙනකු කාන්තාවක් සමග අශෝභන ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

පසුගිය 31 වන දා සිදුව ඇති එම සිදුවීම දැක්වෙන එම වීඩියෝව සමාජ ජාලයන් තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.

වාර්තා වන තොරතුරු අනුව එම මෝටර් රථය පසුගිය මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන ලද සුළු පක්ෂයක අපේක්ෂකයෙකුට අයත් එකකි.

එමෙන්ම ඔහු මාධ්‍යවේදීහු ලෙස කටයුතු කර ඇති අතර මාධ්‍ය ආයතනයක ඉහළ තනතුරක් දැරුවකුද වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad