අපේ ලොක්කා එන්නත ගැන කතා කරනවා - ආණ්ඩුවේ ලොක්කෝ පැණියක් ගැන කියමින් එන්නත කල් දානවා - තිස්ස අත්තනායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 7, 2021

අපේ ලොක්කා එන්නත ගැන කතා කරනවා - ආණ්ඩුවේ ලොක්කෝ පැණියක් ගැන කියමින් එන්නත කල් දානවා - තිස්ස අත්තනායක

මගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් එන්නත ගෙන්වීම සඳහා කටයුතු කිරීමට ආණ්ඩුවට කිහිපවතාවක්ම ඉල්ලීම් කලත් ආණ්ඩුව පැණියක් පෙන්වමින් එය කල් දමමින් සිටි බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.

මේ වන විට එන්නත ගෙන්වීම සඳහා කටයුතු කිරීම අරඹ ඇති බවට මාධ්‍ය වාර්තා පළවී තිබුනත් එය මාධ්‍ය වාර්තාවක් පමනක්දැයි නොදන්නා බව ඒ මහතා මාධ්‍යට අදහස් දක්වමින් පැවසීය.

මෙරට කොරෝනා මර්දනය වෙනුවෙන් ලබා දෙනු ලබන්නේ ඉන්දියානු එන්නත හෝ ඇමරිකාවේ නිෂ්පාදිත එන්නත ද යන්න ප්‍රශ්නයක් නොවන බවත් එය තීරණය කරනු ලබන්නේ විශේෂඥයින් බැවින් වැදගත් වන්නේ එම එන්නත මෙරට ජනතාවට යහපත් ප්‍රතිඵල මෙන්ම යෝග්‍ය බවට තහවුරු කරගත යුතු බවටත් ඒ මහතා පැවසීය.

එමෙන්ම මෙරට යුක්රේනියානු සංචාරකයින් ගෙන්වීම තුන් වැනි කොරෝනා රැල්ලකට ඇත වැනීමක් බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad