මෛත‍්‍රී හිටියානම් හොදයි කියා අද හැමෝම කියනවා - දයාසිරි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 4, 2021

මෛත‍්‍රී හිටියානම් හොදයි කියා අද හැමෝම කියනවා - දයාසිරි

මෛත්‍රීපාල සිරිසේන මහතා හිටියනම් හොඳයි කියා අද හැමෝම කතා වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

සති අන්ත දේශය පුවත් පත සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කලකිරීමෙන් සිටින්නේ දැයි විමසූ ප්‍රශ්නයකට ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙසේය.

ඔබ මහලේකම් වෙලා ඇමතිධුරයක් නැතිව කලකිරීමෙන් ඉන්නේ. මීට වඩා කලකිරීමක් ඇතිනේ හිටපු ජනාධිපතිවරයට මොනවත්ම නැතුව?

”නෑ එතුමට කලකිරීමක් නෑ. එතුමා අපට වඩා උපේක්ෂා සහගතව දේවල් දිහා බලන නායකයෙක්. එතුමා ගැන අද හැමෝම කතාවෙනවා මෛත්‍රී මහත්තයා හිටියා නම් හොඳයි කියලා. හැබැයි එතුමා කලබල වෙන කෙනෙක් නෙමෙයි. හැබැයි අපි එතුමා අද සියලු දේවල්වලට මුහුණදෙමින් කටයුතු කරනවා”


No comments:

Post a Comment

Post Bottom Ad