කබීර්ගේ ‘එකතු වෙමු’ යෝජනාවට මෛත්‍රීපාලගෙන් කොළ එළියක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 4, 2021

කබීර්ගේ ‘එකතු වෙමු’ යෝජනාවට මෛත්‍රීපාලගෙන් කොළ එළියක් !

මැතිවරණවලට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඇති කරගත් ගිවිසුම් ඔවුන් විසින් කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළකිරීමකින් පසුවන බවත්, ජනතාව මුහුණ දෙන ගැටලුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වන තීන්දු තීරණ ලබා නොගතහොත් දැඩි තීන්දු ගැනීමට පක්ෂයට සිදුවනු ඇති බවත් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළේය.

මහනුවර ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් හා එක්වන ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු එහිදී ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ඊට පිළිතුරු ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඕනෑම පක්ෂයක් සමග සාකච්ඡා කිරීමට තම පක්ෂය සූදානම් බවකි.

වත්මන් ආණ්ඩුව ගොඩනැගීමට සහාය දුන් දේශපාලන පක්ෂ විසින් මේ වනවිට ආණ්ඩුව විවේචනය කරමින් සිටින බවත් ජනතා ගැටලූවලට නිසි විසඳුම් ලබා නොදුනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද යම් තීරණයකට එළැඹෙන බවත් රෝහණ ලක්ෂ්මන් පියදාස වැඩිදුරටත් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad