"විමල් දේශපාලන පිංගුත්තරයෙක්…තොපි මළ කඳන් දේශපාලනය කරනවා…පුළුවන් නම් මාව අල්ලපල්ල" - අසාද් සාලිගෙන් වීරවංශට ප්‍රතිප්‍රහාර - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 7, 2021

"විමල් දේශපාලන පිංගුත්තරයෙක්…තොපි මළ කඳන් දේශපාලනය කරනවා…පුළුවන් නම් මාව අල්ලපල්ල" - අසාද් සාලිගෙන් වීරවංශට ප්‍රතිප්‍රහාර - (video)

ණ්ඩුවට හැකි නම් තමන් අත්අඩංගුවට ගන්නා ලෙස අභියෝග කරන බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසයි. ඊයේ (07) නැවතත් මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

මුස්ලිම් මෘතදේහ ආදාහනයේ පළිය ගන්නා බවට අසාද් සාලි පසුගියදා කළ ප්‍රකාශයට එරෙහිව ඇමැති විමල් වීරවංශ අදහස් දැක්වීම මෙහි දී අසාද් සාලිගේ විවේචනයට ලක් විය. ඒ පිළිබඳ සාලි මෙසේ ප්‍රකාශ කළේ ය.

“දේශපාලන පිංගුත්තරයෙක් ඉන්නවා විමල් වීරවංශ කියල. අසාද් සාලි වහා ම අත්අඩංගුවට ගන්න ලු. මොන රෙද්දකට ද? අන්තවාදයට උඩගෙඩි දෙන දේසපාළුවෝ අත්අඩංගුවට ගන්න පොලිසිය බැරි වෙලාලු.

ආණ්ඩුව බලයට ඇවිත් අවුරුද්දයි මාස දෙකයි. අසාද් සාලිව අත්අඩංගුවට ගන්න කො. පුළුවන් නම් කරන්න. මරණයක් උස්ස ගෙන මුං දේශපාලන කරන්නේ. යකෝ අපි මරණය දේශපාලන කරනවා නෙමෙයි. තොපි ලා තමයි මේක දේශපාලනය කරල තියෙන්නේ.

මේ රටේ බෞද්ධ ජනතාව 98%ක් මිනිස්සු එක්ක ආදරෙන් ජීවත් වෙනවා. එහෙම නැති තිරිසනුන් තමයි අද පාර්ලිමේන්තුවේ ඉන්නේ.”


No comments:

Post a Comment

Post Bottom Ad