ආණ්ඩුව ලෝකෙ පුරා කොරෝනා එන්නත් හිගා කනවා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 1, 2021

ආණ්ඩුව ලෝකෙ පුරා කොරෝනා එන්නත් හිගා කනවා !

ණ්ඩුව ලොව පුරා රටවලින් කොරෝනා එන්තත් හිඟාකන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එහි නායක අනුර දිසානායක මහතා පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉන්දියාවෙන් චීනයෙන් රුසියාවෙන් මේ ආකාරයෙන් එන්නත් හිඟා කමින් සිටින බවයි.

මෙරටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලට ගැනීම සඳහා වියදම් වන්නේ රුපියල් කෝටි 1000 ක මුදලක් බවත් එය සොයාගෙන ජනතාව සුවපත් කිරීමට ආණ්ඩුවට උවමනාවක් නැතැයි ද ඔහු පැවසීය.

ඩොලර් හිගතාවය නිසා එන්නත් ගෙන්වීමට පවා මුදල් නැති තත්ත්වයක් උදාවී ඇතැයිද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ නතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad