මෛත්‍රීගෙ කාලෙ විතරක් නෙවෙයි, චන්ද්‍රිකාගෙ කාලෙත්, මහින්දගෙ කාලෙත් බෝම්බ ගැහුවා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 26, 2021

මෛත්‍රීගෙ කාලෙ විතරක් නෙවෙයි, චන්ද්‍රිකාගෙ කාලෙත්, මහින්දගෙ කාලෙත් බෝම්බ ගැහුවා !

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම, සිය අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවේචනයට ලක්ව තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා වැරදිකරුවෙක් බවට පත්කර තිබීම හේතුවෙන් සහ නියම වගකිව යුත්තන් හෙලිදරව් නොවීම හේතුවෙන් අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ඊයේ (25) පැවති ශ්‍රීලනිප විධායක සභාව තීරණය කර තිබෙනවා.

විධායක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ කාලයේදී මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදීද රටතුළ බෝම්බ පිපිරීම් රැසක් සිදු වූ බවයි. එසේ නම් ඔවුන්ද එම ප්‍රහාර සම්බන්ධයෙන් වැරදිකරුවන් වියයුතු බව සුමතිපාල මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සිහිපත් කර සිටින්නේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වත්මන් හැසිරීම, ඔහුගේ බලය අවසන් වූ කාලයකදී ඔහුට දැඩි ලෙස බලපානු ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad