gnanasara thero - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 26, 2021

gnanasara thero

බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ කරුණු 80% ක් පාස්කු වාර්තාවේ නිර්දේශවලට අරගෙන උන්වහන්සේවත් චුදිතයෙක් කිරීම පිළිබඳව කණගාටුවට පත්වන බව නව සිංහල රාවයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

සමහර අවස්ථාවලදී ස්වරයේ ශබ්දය වැඩි වුවද ඥානසාර හිමි සිදුකලේ අවිහිංසාවාදී සටනක් බව මේ රටේ අහිංසක සිංහල, දෙමල, මුලිම් ජනතාව දන්නා බවත් උන්වහන්සේ ප්‍රකාශ කලේ මේ මහපොළවේ යථාර්තය බවත් සුදත්ත හිමියෝ අවධාරණය කරන ලදි.

ඉස්ලාම් අන්තවාදයට වැට බඳිනවා වෙනුවට ජාතික සංවිධාන මර්ධනය කිරීමට මෙම කොමිෂන් සභා තීරණ ක්‍රියාත්මක කරනවානම් එය මේ රටේ ජන මතයට කරන අගෞරවයක් බවත් අවසාන වාර්තාවේ මේ වගේ විකුර්තියක් සිදුවුවේ කෙසේද යන්න ජනාධිපතිවරයා සොයා බලනු ඇතැයි විශ්වාස කරන බව ද පැවසීය.

– repoter


No comments:

Post a Comment

Post Bottom Ad