භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 8, 2021

භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවයි

භාරතීය ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලද බව එම පක්ෂය නිල වශයෙන් දැනුම් දෙයි.

නව පක්ෂයේ මහලේකම් එම්. ඉන්ද්‍රජිත් මහතා සඳහන් කරන්නේ මෙම පක්ෂය හා ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි.

එම්. මුත්තුසාමි මහතා එම පක්ෂයේ නායකවරයා වශයෙන් නම් කර තිබේ.

ඉදිරියේදී මෙය මෙරට තුළ ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ලේකම්වරයා සඳහන් කළේ ය.

මෙම පක්‍ෂය ඉදිරියේදී උතුර, නැගෙනහිර හා කොළඹ කේන්ද්‍රගත වන පරිදි ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන බවත් ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad