ජනාධිපති පැත්තකට කර තැබිය යුතු නෑ.. ඔහුට පක්ෂයේ සභාපතිකම දිය යුතුයි - වාසු - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 5, 2021

ජනාධිපති පැත්තකට කර තැබිය යුතු නෑ.. ඔහුට පක්ෂයේ සභාපතිකම දිය යුතුයි - වාසු

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂයේ යම්කිසි දේශපාලන වගකීමක් තිබිය යුතු බව තමාද පවසන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එසේ නොවුණහොත් රාජ්‍ය පාලනයට ලැබිය යුතු දේශපාලන පෝෂණය ඔහුට නොලැබෙන බවද ඇමැතිවරයා ගේ අදහසයි.

දේශපාලන පක්ෂයක් තනතුරක් දැරීමෙන් ඔහු එම දේශපාලන කණ්ඩායම්වල මතවාදයන් තුළින් පෝෂණය වන බවත් ඔහු පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භයේ දී දේශපාලන චරිතයක් නොවන නමුත් දැන් එතුමාට දේශපාලන පරිචයක් අවශ්‍ය බවද ඇමැතිවරයාගේ අදහසයි.

කෙසේ වෙතත් තමන් යෝජනා කරන්නේ පක්ෂයේ නායකත්වය නොව ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂයේ සභාපති ධූරය දිය යුතුයි බව යැයි ද එතුමා පාලකයෙක් පමණක් යයි කියා පැත්තකට කර තැබීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය.

තම සියළු පක්‍ෂ නියෝජනය වන සන්ධානයේ සභාපති ධුරය ජනාධිපතිතුමාට සුදුසු බවද ඔහු යෝජනා කරයි.

සති අන්ත පුවත් පතක් සමගින් ඔහු මෙම අදහස් පළ කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad