පස්සර අනතුරේ බස් රියැදුරුගේ බලපත්‍රය අයිති ගම්පහ අයකුට..හැඳුනුම්පතත් ව්‍යාජයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 31, 2021

පස්සර අනතුරේ බස් රියැදුරුගේ බලපත්‍රය අයිති ගම්පහ අයකුට..හැඳුනුම්පතත් ව්‍යාජයි

ස්සර 13 කණුව ප්‍රදේශයේදී මගීන් 14 දෙනකුට දිවි අහිමි කරමින් අනතුරට ලක්වූ පෞද්ගලික බස් රියේ රියැදුරු භාවිත කර ඇත්තේ ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් බව තහවුරු වී ඇත.

ඔහු ඉදිරිපත් කර ඇති ජාතික හැඳුනුම්පත් අංකය ද ව්‍යාජ අංකයක් බව මූලික විමර්ශන මගින් හෙළිවී තිබේ.

ඔහු ඉදිරිපත් කර ඇති රියැදුරු බලපත් අංකයට ගම්පහ ලුණුවල ප්‍රදේශයේ අයකුගේ නමින් වලංගු රියැදුරු බලපත්‍රයක් සකස්ව ඇත. එමෙන්ම ඔහුගේ හැඳුනුම්පත් අංකයට ගම්පල බෝවල ප්‍රදේශයේ අයකුගේ නමින් තවත් වලංගු රියැදුරු බලපත්‍රයක් සකස්ව ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉකුත් 20 වැනිදා උදෑසන ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රිය පස්සර 13 කණුව ප්‍රදේශයේදී පෙරළී ගිය අතර අනතුරින් 14 දෙනකුට දිවි අහිමි වී 30 දෙනකු පමණ රෝහල් ගත කළහ.අනතුර සම්බන්ධයෙන් කොඩිතුවක්කු ආරච්චිලාගේ නිහාල් චන්ද්‍රකාන්ත යන රියැදුරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

රියැදුරුගේ රිය බලපත්‍රය මිරිහාන පොලිසිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවත් මිරිහාන පොලිසිය ලබාදී ඇති තාවකාලික රියැදුරු බලපත්‍රයක් අතැතිව සේවය කළ බවත් සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබිණි.

ඒ අනුව කළ විමර්ශනවලදී සැකකරු ලබා දී ඇති රියැදුරු බලපත්‍රය ව්‍යාජ ලෙස සැකසූවක් බවට හෙළිකරගෙන ඇත. පොලිස් රථවාහන මූලස්ථානයද ඊට අදාළ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එමෙන්ම සැකකරු ඉදිරිපත් කර ඇති ජාතික හැඳුනුම්පත් අංකයෙන් සකස්ව ඇති ගම්පල බෝවල ප්‍රදේශයේ අයකුට අයත් රියැදුරු බලපත්‍රය සැහැල්ලු වාහන පමණක් පැදවිය හැකි බී කාණ්ඩයේ බලපත්‍රයක් යැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

(අරුණ)


No comments:

Post a Comment

Post Bottom Ad