තක්කඩි දේශපාලන බළල් අතක්..දණින් වැටෙන්න සූදානම් නෑ - ඥාණසාර හිමි ප්‍රතිඥාවක් දෙමින් සටනට එයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 11, 2021

තක්කඩි දේශපාලන බළල් අතක්..දණින් වැටෙන්න සූදානම් නෑ - ඥාණසාර හිමි ප්‍රතිඥාවක් දෙමින් සටනට එයි

දිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවීම හේතුවෙන් පාස්කු කොමිෂන් සභා වාර්තාව විකෘති වී ඇති බව බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති. 

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹදී පැවති සත්‍යග්‍රහයකට එක්වෙමිනි.

“ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ කොමිෂන් සභාව මුලින් හැසිරුණ විදිහත් අවසාන භාගය වෙනකොට එහි ක්‍රියාකාරකම් දැක්කට පස්සේ පුදුමය උපදවන සුළුයි. කවුරු හරි නොහික්මුණු තක්කඩි දේශපාලනඥයෙකුගේ බළල් අතක් අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙලා මේ වාර්තාව විකෘතියක් බවට පත් කරලා. පණිවිඩකරුවාට වෙඩි තැබීමක් කරලා තියෙන්නේ. මේ බලහත්කාරය හමුවේ දණින් වැටෙන්න සූදානමකුත් නෑ. “ යැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කළේය.

පාස්කු කොමිෂන් වාර්තාව මගින් බෞද්ධ ජනතාවට, බෞද්ධ සංවිධානවලට සහ මහා සංඝරත්නයට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනා පරාජය කිරීමේ අරමුණින් ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේ පිරිසක් ඊයේ (11) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සත්‍යග්‍රහයක් පැවැත්වූහ.

එය නම් කර තිබුණේ "යුක්තිය උදෙසා යතිවර පාරමිතාව" නමිනි. 

තහනම් කළ යුතු බවට කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ කර ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද ඊට එක්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද සත්‍යග්‍රහයට වැඩම කර සිටියහ.

එහිදී මහා සංඝරත්නය අධිෂ්ඨාන ප්‍රතිඥාවක් ලබාදුන්හ.


No comments:

Post a Comment

Post Bottom Ad