ඇමති විමල් දුම්බීම ප‍්‍රවර්ධනය කලාට විරෝධය.. කැබිනට් මණ්ඩලයෙන් එලවන්නැයි කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 18, 2021

ඇමති විමල් දුම්බීම ප‍්‍රවර්ධනය කලාට විරෝධය.. කැබිනට් මණ්ඩලයෙන් එලවන්නැයි කියයි

දුම්බීම ප‍්‍රවර්ධනය කිරීම වැරදි සහ නීති විරෝදී කටයුත්තක් බවත් හරිනම් විමල් වීරවංශ ඇමතිවරයා කැබිනට් මණ්ඩලයෙන් එලවා දැමිය යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි. කුරුදු දුම්වැටියක් හදුන්වා දීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවක් පැවැත්වීම ගැන අදහස් පල කරමින් ඔහු ඒ බව කීය.

කුරුඳු දහන වීමෙන් ඇති වන දුම පෙනහළුවලට අහිතකර නැතැයි කිසිදු පර්යේෂණයකින් තහවුරු වී නැතැයිද සේනාරත්න මහතා පැවසීය.

පසුගිය ආණ්ඩුවේ තමන් සෞඛ්‍ය ඇමති ලෙස සිටියදී මෙම යෝජනාව ඉදිරිපත් වූ බවත් ඒ ගැන කල සොයාබැලීමකදී කුරුඳු දුම ශරීරයට අහිතකර නැතැයි කිසිදු පර්යේෂණයකින් තහවුරු කර නැති බවට තහවුරු ව‍ූයේ යැයිද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.


No comments:

Post a Comment

Post Bottom Ad