අපිට විශාල ඉල්ලුමක් ඇවිත්: අපි ශ්‍රීලනිප යෝධයා නැගිට්ටවනවා: මෛත්‍රීගෙන් කෙළින් ප්‍රකාශයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 29, 2021

අපිට විශාල ඉල්ලුමක් ඇවිත්: අපි ශ්‍රීලනිප යෝධයා නැගිට්ටවනවා: මෛත්‍රීගෙන් කෙළින් ප්‍රකාශයක් - (video)

මැද කොළඹ දී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවත් රට පුරා සෑම ප‍්‍රදේශයකින්ම ජනතාව ඒ ගැන විමසන බවත් ඒ සම්බන්ධයෙන් ලිපි එවන බවත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැගිට වීමට ප්‍රමාද වන්නේ මන්දැයි රටේ සෑම ප්‍රදේශයකම ජනතාව විමසන බවද ඔහු අවධාරණය කළේය.

ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැගිටවීම ජනතා අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙන බවත් නිදහස් පක්ෂය නම් යෝධයා නැගිට්ටවීමේ වැඩපිළිවෙළේ තමන් මේවන විට නිරතව සිටින බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad