යුගදනවි ගිවිසුමට විරුද්ද අය කැබිනට්ටුවෙන් ඉවත් විය යුතුයි… - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 30, 2021

යුගදනවි ගිවිසුමට විරුද්ද අය කැබිනට්ටුවෙන් ඉවත් විය යුතුයි…

කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් හොඳම දෙය ආණ්ඩුවෙන් ඉවත් වී එම විවේචන සිදු කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගත් පසු සියලු දෙනා ඒ සමග සාමූහිකව බැඳෙන බවත ඒ මහතා පැවසීය.

යම් තීන්දුවක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්තේ නම් තමන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත්ව එම විවේචන සිදු කරන බවත් වෙනත් අමාත්‍යවරුන්ටද එවන් ප‍්‍රශ්ණයක් ඇත්තේ නම් සිදුකළ යුත්තේ එය බවත් ඔහු පෙන්වා දුන්නේය.

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේම අමාත්‍ය කිහිපදෙනකු විවේචනය ඉදිරිපත් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad