ඉදිරි ජනාධිපතිවරණයට ආගමික නායකයින් පිරිසක් මෙහෙයුමක – අපේක්ෂකයින් නම් කර ගනී! මාධ්‍ය ආයතන හිමිකරුවෙක්, කොමිසමක සභාපතිවරයෙක් ඒ අතර - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 17, 2023

ඉදිරි ජනාධිපතිවරණයට ආගමික නායකයින් පිරිසක් මෙහෙයුමක – අපේක්ෂකයින් නම් කර ගනී! මාධ්‍ය ආයතන හිමිකරුවෙක්, කොමිසමක සභාපතිවරයෙක් ඒ අතර

ඉදිරි ජනාධිපතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධානවලින් අපේක්ෂකයන් නම් කිරීම ආරම්භ වී තිබෙනවා. එය නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති වුවත් මේවන විට විවිධ මට්ටමේ සාකච්ඡා ආරම්භ කර තීරණ ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඉදිරි ජනාධිපතිවරණය කැඳවිය යුත්තේ 2024 ඔක්තෝබර් මාසයේයි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනයක් ලබාගෙන ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමේ සූදානමක් ඇතැයිද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කළා.

පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව ජනාධිපතිවරයකු පත්වී වසර 4ක් ගතවීමෙන් පසු ඊළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය අභිලාෂය ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙනවා.

හිටපු අගවිනිසුරුවරයෙක් වන සරත් එන්. සිල්වා මහතා පවසන්නේ වත්මන් ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වන බැවින් ඔහුට ඒ සඳහා නීතිමය වරමක් නොමැති බවයි.

දැනට නිල නොවන මට්ටමින් ලැබෙන ආරංචි අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ලෙස ප්‍රකාශයට පත්ව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර යන මහත්වරුන්ගේ නම්ය.

මේ හැර පොහොට්ටුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද යන්න ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මේ සියලු දෙනාට අමතරව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිත්වය දරන ජනක රත්නායක මහතාද ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ආගමික නායකයන් පිරිසක් විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.
-am.lk

No comments:

Post a Comment

Post Bottom Ad