ජනාධිපතිවරණ කැදවන්න ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙනවා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 17, 2023

ජනාධිපතිවරණ කැදවන්න ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙනවා..

ජනාධිපතිවරණයක් පැවැත්වීමට අදාල කරන ව්‍යවස්ථා සංශෝධනයකට සහාය දීමට සමගි ජන බලවේගය පක්ෂය සූදානම් බව එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

තම පක්ෂයේ ජනාධිපතිවරණයකට වුවද මේ මොහොතේ සූදානම් බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඒ හැර මේ මොහොතේ ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍ය ධූරය, ඇමති ධුර ලබා ගැනීමට හෝ ආණ්ඩුවේ කොටස්කරුවකු වීමට සමගි ජන බලවේගය පක්ෂය කිසිලෙසකින් සූදානමක් නැති බවට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇතැයි ද හෙතෙම තවදුරටත් එහිදී පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad