නව පනතින් මාධ්‍ය ආයතන 33ක බලපත‍්‍ර අවලංගුයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 9, 2023

නව පනතින් මාධ්‍ය ආයතන 33ක බලපත‍්‍ර අවලංගුයි!

ආණ්ඩුව විසින් සම්මත කිරීමට බලාපොරොත්තු වන විකාශන අධිකාරි පනත නීතියක් ලෙස ක්‍රියාත්මක වූ පසු මාස හයක් ඇතුළත දැනට ඇති මාධ්‍ය විකාශන ආයතන සියල්ලේම බලපත්‍ර අවලංගු වනු ඇතැයි වාර්තා වෙයි. 
මෙරට තුළ දැනට විකාශන ආයතන 33 ක්‍රියාත්මක අතර ඒවා දැන ඒවා ගුවන්විදුලි සංස්ථා පනත හා රූපවාහිනී සංස්ථා පනත යටතේ ක‍්‍රියාත්මකය.

යෝජිත පනත ක්‍රියාත්මක වූවොත් මාස හයක් ඇතුළත මෙම විකාශන ආයතන සියල්ලේම බලපත්‍ර අවලංගු වී ඔවුන්ට අලුතින් බලපත්‍ර අයදුම් කරන්නට සිදුවෙයි.

බලපත්‍ර නැවත දෙනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන පස්දෙනෙකුගෙන් සමන්විත කොමිසමක් විසිනි.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ කැඳවා තිබූ හමුවකදී පෙන්වා දුන්නේ වසරකට වරක් බලපත්‍රය අලුත් කිරීමට සිදුවීම හරහා වක්‍ර ආකාරයෙන් මාධ්‍ය නිදහස පාලනය කර ඇති බවයි.

- lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad