අලුත් ඡන්දදයිකයින් අනුව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරා ගන්නේ මෙහෙමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 10, 2023

අලුත් ඡන්දදයිකයින් අනුව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරා ගන්නේ මෙහෙමයි

මේ වසරේ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව අනුව දිවයිනේ ඒ ඒ දිස්ත්‍රික්කවල තෝරාපත් කර ගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව 2023 වර්ෂයේදී ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව අනුව වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරිපත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 19ක්.

අඩුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යව තේරිපත්වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්. මන්ත්‍රී සංඛ්‍යාව 4ක්.

ගම්පහින් 18ක්, කළුතරින් 10ක්, මහනුවරින් 12ක්. කුරුණෑගලින් 15ක්, රත්නපුරයෙන් 11ක්, ගාල්ලට නවයක්,මාතලෙන් 5ක් නුවරඑළියෙන් අටක් මාතරින්, හම්බන්තොටින්,දිගාමඩුල්ලෙන් සහ යාපනයෙන් හත බැගින් ද, වන්නි දිස්ත්‍රික්කයෙන් හයක්, මඩකළපුවෙන් පහක්,පුත්තලමෙන් අටක්, අනුරාධපුරයෙන් නවයක්, පොලොන්නරුවන් පහක්, බදුල්ලෙන් නවයක් මොනරාගලින් හයක් සහ කෑගල්ලෙන් නවයක් ආදි වශයෙන් තෝරාපත් කර ගැනීමට නියමිතයි.


No comments:

Post a Comment

Post Bottom Ad