රට අදටත් දුවන්නේ බැසිල් ගත්ත ඉන්දීය ණයවලින්... රනිල්ට ලැබුනේ IMF වාරිකය විතරයි - සාගර කාරියවසම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 10, 2023

රට අදටත් දුවන්නේ බැසිල් ගත්ත ඉන්දීය ණයවලින්... රනිල්ට ලැබුනේ IMF වාරිකය විතරයි - සාගර කාරියවසම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදටද රට පවත්වාගෙන යන්නේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටියදී ගත් ණය ආධාර වලින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. 
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වූ පසු මෙතෙක් රටට ලැබී ඇති එකම ණය ආධාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලැබූ ඩොලර් මිලියන 300 පමණක් බවද පවසන ඔහු අදටත් රට පවත්වාගෙන යන්නේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස ඉන්දියාවෙන් ලබාගත් ණය ආධාර මත බවද පවසයි.

හිරු රූපවාහිනී නාලිකාව සමඟ සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

ඇමති ධුර ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම් දීමක්ද කර ඇති නමුත් ඒ සඳහා නිතර නිතර ඉල්ලීම් කිරීමට නොයන බව ද හෙතෙම පැවසීය.

අමාත්‍ය ධුර නොලැබීම සම්බන්ධයෙන් පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් කිහිප දෙනෙකුම කලකිරීමෙන් සිටින බවද ඔහු එහිදී තව දුරටත් සදහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad