පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා මේ වනවිට ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ඒ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් පාතාල නායක මාකඳුරේ මදුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ කටයුතුවලට සහාය ලබාදීම සඳහායි.
ඩුබායි පොලීසිය විසින් පසුගියදා, සුපිරි හෝටලයක පැවති සාදයක් අතරතුර මදුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් අතර මේ වනවිට එම සැකකරුවන් සිර මැදිරියක රඳවා තිබේ. කෙසේ වෙතත් තවමත් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර නොමැති බවයි වාර්තා වන්නේ.
ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා එක්වන බව ද වාර්තා වේ.
මේ අතර අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ මෙහෙයුමකදී මාකඳුරේ මදුෂ්ට අයත් යැයි සැක කෙරෙන වෑන් රථයක් සහ ජීප් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කැලණිය සපුගස්කන්ද ප්‍රදේශයේදීය. එම වෑන් රථය සහ ජීප් රථය මේ වනවිට සපුගස් කන්ද පොලීසිය වෙත භාර දී තිබේ.
මදුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම ඩුබායි පොලීසිය විසින් සිදුකළ අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ හෝ ආරක්ෂක අංශවල කිසිදු සම්බන්ධයක් නොමැති බවට ඩුබායි වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කොට තිබේ. මේ වනතෙක් ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයෙන් හෝ ශ්‍රී ලංකා පොලීසිය හෝ නීතිඥවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර නොමැත. කෙසේ වෙතත් පසුගිය දිනවල රජයේ ප්‍රධානීන් සඳහන් කළේ එම මෙහෙයුම ශ්‍රී ලංකා පොලීසියේ ද අනුදැනුම ඇතිව සිදුවූවක් බවයි.
No comments:
Post a Comment