දේශපාලනයට පිවිසීම සඳහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනි ආනන්දි සශිධරන් මහත්මිය යළිත් රාජ්‍ය සේවාව සඳහා එක්ව ඇත.
ආන්නදි සශිධරන් මහත්මිය කිළිනොච්චිය දිසාපති කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන අංශයේ පාලන නිලධාරිනියක වූ අතර ඇය 2013 වසරේදී දේශපාලන කටයුතුවල නිරත වීම සඳහා නිවාඩු ලබාගෙන තිබේ.
පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමෙන් පසුව අය ජයග‍්‍රහණය කොට උතුරු පළාත් සභාවට මන්ත‍්‍රීවරියක වශයෙන් තේරී පත් වී පසුව අමාත්‍යවරියක් බවට පත්විය.
හදිසියේම යළිත් රාජ්‍ය සේවයට එක්වූයේ දේශපාලනයෙන් සමුගැනීම සඳහා දැයි ඇගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ දේශපාලනය පිළිබදව ඉතාම තදින් තමන් කලකිරී සිටින නමුත් දේශපාලනයෙන් සමුගැනීමට මෙතෙක් තීරණය කොට නොමැති බවයි.
Wednesday, February 13, 2019

ඇමතිවරියක් ඇමතිකම් දමා යළිත් රාජ්‍ය සේවයට එක්වෙයි
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment