කොරෝනා වසංගතය පැතිරීම වලක්වා ගනිමින් ඒ තත්ත්වය ආරක්ෂා කර ගැනීම ජනතාවගේද වගකීමක් බවද ඔහු පවසයි.
ලෝකයෙන්ම කොරෝනා වසංගතය අවසන් වන තෙක් සෞඛ්‍යාරක්ෂිත පුරුදු දිගටම අනුගමනය කර කොරෝනා පරාජය කිරීමට සහාය වන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කොරෝනා වෛරස පැතිරීමේ අවදානම අඩු වූ පසු ඇඳිරි නීති සමයේ පැවති නීති රීති ලිහිල් කරද්දි එතෙක් අනුගමනය කරන ලද සෞඛ්‍යාරක්ෂිත පුරුදු ද ජනතාව ලිහිල් කර ගත් බවත් එයින් රටත් ජනතාවත් අවධානමේ වැටෙන බවත් ඔහු සඳහන් කළේය.
ඒ නිසා පෙර පරිදිම සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරන්නැයි ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශිකාවක් බස්රථ කිහිපයක ගමන්කර ඇතත් ඇය සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කර ඇති නිසා ඇගෙන් වෛරසය පැතිරීමේ අවදානම අඩු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments:
Post a Comment