මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් කිසිවෙක් නිදහස් වී නැහැ - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 12, 2019

මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් කිසිවෙක් නිදහස් වී නැහැ

මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් කිසිවෙක් නිදහස් වී නැහැ

මාධ්‍ය වාර්තා පළ වූ පරිදි මාකඳුරේ මදුෂ් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස් එක් දෙනාගෙන් කිසිවෙකු මෙතෙක් ඩුබායි පොලිසිය නිදහස් කර නොමැති බව එරටට ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

ඔහු පැවසුවේ එම අත්අඩංගුවට ගත් පිරිස අතර විදේශීකයන් කිහිප දෙනෙක් සහ කාන්තාවන් ද සිටින බවයි.

ඔවුන් අතර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් හිමි අයෙකු ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කර තිබුනි.

නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේ සිය සේවාදායකයා වන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරා ලබන ඉරිදා හමුවීමට සූදානම් බවය.

ඩුබායි රාජ්‍යයේ නීතිය අනුව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට පිටස්තර පුද්ගලයින්ව හමුවීමට ඉඩ ලබාදෙන්නේ ඉරිදා දිනයේ පමණයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad