වත්මන් රජය යටතේ අංග සම්පූර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ලෝක බැංකුවේ ආධාර මත ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය පිළිබදව ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“යහපාලන රජය මගින් අංග සම්පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට හිමිකර දී තිබෙනවා. වත්මන් රජය ධනපති රජයක් බව ප්‍රකාශ කළත්, ධනපති රජයෙන් දුප්පත් ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් විධිමත්ව ලබාදෙනවා. ඖෂධ මිල අඩු කළේ ද වත්මන් රජය විසින්. විප්ලවවාදී රජයක් විසින් ඖෂධ මිල අඩු කළේ නැහැ. බෝනොවන රෝග වලින් ජනතාව බේරා ගත යුතුයි. වර්තමානයේ බෝනොවන රෝග විශාල අභියෝගයක්. නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීම තුලින් රෝගී ජනතාවට විශාල සහනයක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සහ කියුබාවේ හොදම සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.”
No comments:
Post a Comment