මධුෂ් හසුවීම - FEB 14 Morning Updates - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 13, 2019

මධුෂ් හසුවීම - FEB 14 Morning Updates


මධුෂ්ගේ වත්මන් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් හසුවේ

 මාකඳුරේ මධුෂ්ගේ වත්මන් බිරිඳට අයත් අති සුඛෝපභෝගී ප‍්‍රාඩෝ ජීප් රථයක් සහ කේ. ඞී. එච්. වර්ගයේ වෑන් රථයක් සපුගස්කන්ද ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ඊයේ සවස අත්අඩංගුවට ගන්නා ලදී. මෙම වාහන දෙක මධුෂ්ගේ එම බිරිඳගේ නමට ලියාපදිංචි කර තිබූ ඒවා වන බවත්
ඇගේ පුංචි අම්මාගේ නිවසේ ගාල් කර තිබූ බවත් වාර්තා විය. මෙම කාන්තාව මින් ඉහත මියගිය පාතාල නායක කළු තුෂාරගේ බිරියයි. සිරගෙදර වෙඩි තැබීමේ සිද්ධි නිසා කළු තුෂාර මියයාමෙන් පසු ඇය මධුෂ්ගේ දෙවැනි බිරිය බවට පත් විය. පසුගියදා උපන්දින සාදය පැවතියේ මධුෂ්ට දාව ඇයට උපන් දියණියගේ පළමු උපන්දින සැමරුම වෙනුවෙනි.


අමල් පෙරේරා හා නාලක සිල්වා අතර සම්බන්ධයක්
මේවනවිට ජනපති ඝාතන ක්‍රමන්ත්‍රණ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවේ පසුවන නාලක ද සිල්වා මහතා ගායක අමල් පෙරේරා

සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද 2016 වසරේ අගෝස්තු 22 වැනි දින නාලක ද සිල්වා මහතාගේ කාර්යාලයට ගොස් අමල් පෙරේරා යන අය නාලක ද සිල්වා මහතාව හමු වී ඇති බවද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදී ඊයේ පොලිසිය ප්‍රකාශ කර සිටියේය.
අමල් පෙරේරා නාලක හමුවීමට පැමිණියේ ඇයි දැයි යනුවෙන් නාලක ද සිල්වා මහතාගේ කාර්යාලයේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයකු ගායකයාගෙන් ප්‍රශ්න කිරීම ගැටලුවක්වි තිබූ බවද ස්ථානාධිපතිවරයා පොලිස් කොස්තාපල්වරයාට දඬුවම් තුනක් පමුණුවා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් ස්ථානාධිපතිවරයා මෙහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ඊට පසු අදාළ කොස්තාපල්වරයාට ස්ථානාධිපතිවරයා විසින් 2016 වසරේ අගෝස්තු 1 වැනි දින ස්ථාන මාරුවක් ලබාදී ඇති බවද ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණයට හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට


ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු වසහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් අධි සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් ඊයේ (13 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.
කංචිපාන ඉම්රාන්ගේ හෙරොයින් ජාවාරමේ මුදල් කළමනාකරු ලෙස කටයුතු කළ

අස්වර් මාලිගාවත්ත ප‍්‍රදේශයේදී හසුව ඇති අතර ඔහු මත්කුඩු මගින් උපයන මුදලින් මේ වනවිට මාලිගාවත්තේ මහල් 5 ක ගොඩනැගල්ලක් තනමින් සිටින බවත් වාර්තා විය.


ඩුබායි හෝටලේ මදුෂ්ලාගේ වාහනත් පරීක්ෂා කරලා

මේ වනවිට ඩුබායි හි පොලිස් බාරයේ සිටින මදුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් අත්අඩංගුවට පත්වීම සිදුවූ ඩුබායි හෝටලය වෙත පැමිණිමට භාවිත කර එම රථගාලේ නවතා තැබූ සියලුම මෝටර් රථ ඩුබායි පොලිස් බාරයට ගෙනවිත් ඇති අතර එම වාහන සියල්ලම එරට විශේෂ පොලිස් කණ්ඩායමකගේ පරීක්ෂාවට ලක්කළ බව වාර්තා වෙයි. මදුෂ් මෙම සාදයට පැමිණි අති සුඛෝපභෝගි වාහනය ඇතුළු වාහන විස්සක් පමණ මේ වන විට ඩුබායි පොලිසිය යටතේ පවතින බවද කියැවේ.

නදීමාල්ගේ රුධිර වාර්තාව

මත්ද්‍රව්‍ය ශරීර ගත වී ඇති බවට සාදයේ සිටි පුද්ගලයන් දහඅට දෙනකුගේ රුධිර පරීක්ෂාවලින් තහවුරු වෙද්දි අමල් පෙරේරාගේ පුත් නදිමාල් ගේ රුධිර සාම්පල්වල මත්ද්‍රව්‍ය නැති බවට තහවුරු වී ඇති බව නිතිඥ උදුල් ප්‍රේමරත්න දන්වාතිබූ අතර ඔහු නිදහස් කළ හැකි බවට පවසා තිබුණි.නමුත් ඩුබායිහි තවත් වාර්තාවක එවැනි දෙයක් වාර්තාවී නැති බව පවසා ඇත. අත්අඩංගුවේ පසුවන 31 දෙනාම මත්ද්‍රව්‍ය භාවිතයට හසුවී සිටින්නන් වන බවත් ඒ අය අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බවත් දෙවැනි වාර්තාවෙන් පැවසිණි.

අංගොඩ ලොක්කා හසුවූයේ තවත් හෝටලයකදී

 සාදයට පැමිණ සිට පොලිසිය එම හෝටලය වටලන අවස්ථාවේ පළා ගිය බව කියූ අංගොඩ ලොක්කා  සි.සි.ටි.වි කැමරා පද්ධති ඔස්සේ සොයා ගත් බව මින් පෙර වාර්තාවී තිබුනි. ඒ ගැන වැඩිදුර වාර්තාව මේ වනවිට ලැබී ඇති අතර අංගොඩ ලොක්කා කොටු කැර ගැනිම සි.සි.ටි.වී කැමරා පද්ධති ඔස්සේ අසීරු ගවේෂණයකින් සිදුවූ බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට අංගොඩ ලොක්කා අබුඩාබි හි මෙවැනිම විශාල හෝටලයක සැග වී සිට ඇති බවත් කියවේ.

No comments:

Post a Comment

Post Bottom Ad