ගාමිණි සෙනරත්ගේ අභියාචන පෙත්සම සලකා බැලීම ජූනි 13 වනදා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 26, 2019

ගාමිණි සෙනරත්ගේ අභියාචන පෙත්සම සලකා බැලීම ජූනි 13 වනදා

ගාමිණි සෙනරත්ගේ අභියාචන පෙත්සම සලකා බැලීම ජූනි 13 වනදා

ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුවූ රුපියල් මිලියන 142 ක පාඩුව  අයකර දෙන මෙන් ඉල්ලා සිටි නඩුවකින් අනුර ප‍්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන හිටපු අමාත්‍යවරුන් නිදහස් කරමින් ලබා දුන් නියෝගයට එරෙහිව ගාමිණී සෙනරත් මහතා  ගොනු කළ අභියාචන පෙත්සම සලකා බැලීම ලබන ජුනි 13 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26) නියම කළේය. 

එම පෙත්සම අගවිනිසුරු නලින් පෙරේරා, ප‍්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (26) සලකා බැලූ අතර එම ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම වැඩිදුරටත් සලකා බැලීම ජූනි 13 වැනිදාට කල් තබන ලදි. 

රුපියල් මිලියන 142 ක් අයකර දෙන මෙන් ඉල්ලා ගමනාගමන මණ්ඩලය විසින් කොළඹ වානිජ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවෙන් එහි  වගඋත්තරකරුවන්ව සිටි අනුර ප‍්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් නිදහස් කරන ලදි. එහෙත් මෙම නඩුවටද අදාළ චෝදනා ලාභියකුව සිටි ගාමිණී සෙනරත් මහතා එයින් නිදහස් නොකෙරිණ. 

අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත මහතා නිදහස් කිරීමේ තීරණයට එරෙහිව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානීයා ලෙසින්ද කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා  විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ගොණු කරන ලදි. ලබන ජුනි 13 වැනිදා තෙක් කල් දමන ලද්දේ එම පෙත්සම සලකා බැලීමයි.

No comments:

Post a Comment

Post Bottom Ad