නදීමාල් ගුවන් තොටුපොලේදී සීඅයිඩී අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 26, 2019

නදීමාල් ගුවන් තොටුපොලේදී සීඅයිඩී අත්අඩංගුවට

නදීමාල් ගුවන් තොටුපොලේදී සීඅයිඩී අත්අඩංගුවට

මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී  පැවැති සාදයකදී  අත්අඩංගුවට ගත්  සංගීත ශිල්පී අමල්  පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා  සහ  තවත් අයෙකු  ලංකාවට පැමිණිමෙන් පසු  අද (27) අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන බවද  තොරතුරු වාර්තා වේ.

නදීමාල් පරේරා සමඟ මෙලෙස එරටින් පිටුවහල් කර ඇත්තේ ඔවුන් සමග සාදයේ සිටි බන්ධනාගාර නිලධාරීයා බවද තොරතුරු ලැබී තිබේ.

ඊයේ රාත්‍රියේදී මොවුන් ලංකාවට පැමිණිමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවද තොරතුරු වාර්තාවේ. 

ඔවුන් සම්බන්ධයෙන් ලංකාවේ වෙනත් චෝදනා ඇත්දැයි සොයා බලා කිසිදු චෝදනාවක් නොමැති නම් ඔවුන් මුදා හැරීමට කටයුතු කිරීමට නියමිත බවද  උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad