Loading...
රත්ගම තරුණයන් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුරු පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන අඩවි වන නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතනයට ලක්වූ තරුණයන් දෙදෙනාට අයත් බවට සැකකරන ජංගම දුරකථන දෙක දික්වැල්ල නගරයට ආසන්න කලපුවකට දමා තිබියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
ඝාතනය කළ තරුණයන් දෙදෙනාගේ මළසිරුරු වලස්මුල්ල රක්ෂිත වනාන්තරය වෙත රැගෙන යෑමට සහාය වී ඇත්තේ එම අඩවි වන නිලධාරියා බව විමර්ශනවලින් හෙළිවී ඇත. එම නිලධාරියා රාජකාරි කරන කාර්යාලයේ ප‍්‍රධානියකු එම ද්විත්ව ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බව කියන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ සමීප මිතුරෙකි. සැකකාර නිශාන්ත සිල්වා එම අඩවි වන කාර්යාලයේ උසස් නිලධාරියෙක් කළ ඉල්ලීමකට අනුව මෙම අඩවි වන නිලධාරියා ලබාදී ඇත්තේ රක්ෂිත වනාන්තරය තුළට මළසිරුරු රැගෙන ගොස් පුළුස්සා දැමීමට සුදුසු ස්ථානයක් සොයා දීමට බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.
සැකකාර අඩවි වන නිලධාරියා වලස්මුල්ල ප‍්‍රදේශයේම පදිංචි කරුවෙකි.
මේ අතර ඝාතනයට ලක්වූ තරුණයන් දෙදෙනා පාව්චිචි කළ ජංගම දුරකථන දෙක සොයාගෙන ඇත්තේ එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරියෙකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මතය.
මෙම ද්විත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන සිටින අතර තවත් පොලිස් නිලධාරීන් 11 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
-දිවයින පුවත්පත
No comments:
Post a Comment