Loading...
මෙම අනතුර 01 වැනිදා රාත‍්‍රී සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.56 හැවිරිදි සැකකාර කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බවද පොලිසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ පන්නිපිටිය, පැලැන්වත්ත පදිංචිව සිටි අවචින්ත ලියනගේ පොඩිනෝනා නමැති 65 හැවිරිදි කාන්තාවකි.
මැය සිය සැමියා සම`ග ත‍්‍රිරෝද රථයෙන් ගමනක් ගොස් නිවෙස් බලා එන අතරතුර පාන් ගැනීමට ත‍්‍රිරෝද රථය මාර්ගය අයිනේ නතර කර තිබී ඇත. ඇය පාර මාරුවී අසල වෙළෙඳසලට ගොස් පාන් ගෙඩියක් ගෙන නැවත පාර මාරුවීමට යෑමේදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
මෙම අනතුරින් පසු කථිකාචාර්යා පැදවූ සුඛෝපභෝගී ජීප් ථය පෙරලී ඇතැයිද පොලිසිය කියයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියාය.
මීට අමතරව අනතුරින් යතුරුපැදිකරුවකුද බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.සැකකාර කථිකාචාර්යවරයා බීමතින් ඉතා අපරික්‍ෂාකාරී අන්දමින් සුඛෝපභෝගී ජීප් රථය පැදවීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි හෙළිවූ බවද පොලිසිය පවසයි.
කථිකාචාර්යවරයාගේ රථයට හැපීමෙන් ත‍්‍රිරෝද රථ දෙකකට හා යතුරු පැදියකට දැඩි හානි සිදුව ඇතැයිද පොලිසිය කියයි.
මියගිය කාන්තාවගේ මරණ පරීක්‍ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා හමුවේ පැවැත්විණි.
මහරගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ටී. එස්. මීඩින් මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බුද්ධික අබේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරිහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
අනතුරට සම්බන්ධ කථිකාචාර්යවරයා නුගේගොඩ වැඩබලන මහෙස්ත‍්‍රාත් රමණි කුලරත්න මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළාය.
මියගිය කාන්තාවට රුපියල් ලක්‍ෂයක් හා තුවාලකරුට රුපියල් ලක්‍ෂයක් ලබාදීමට සැකකාර කථිකාචාර්යවරයා අධිකරණය හමුවේ පොරොන්දු වී තිබේ.සැකකාර කථිකාචාර්යවරයාගේ රියදුරු බලපත‍්‍රය මෙම නඩුව අසා නිම වන තුරු අවලංගු කිරිමට මහෙස්ත‍්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ දෙහිවල, අත්තිඩිය, ප‍්‍රධාන වීදිය පදිංචි ටෙරන්ස් ආනන්ද එදිරිසූරිය නමැති කථිකාචාර්යවරයෙකි.
-දිවයින පුවත්පත

No comments:
Post a Comment