බ්ලූ මැන්ඩල් සංඛත් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 3, 2019

බ්ලූ මැන්ඩල් සංඛත් අත්අඩංගුවට

බ්ලූ මැන්ඩල් සංඛත් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන  ඩී. සංංඛ නොහොත් බ්ලූමැන්ඩල් සංඛ ඇතුළු තිදෙනෙක් තමිල්නාඩු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස  අතර සංඛ හැරුණු විට තවත් ශ්‍රී ලාංකිකයෙක් හා ඉන්දියානුවෙක් සිටන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කේරළ පොලීසියට ලැබුණ තොරතුරක් මත ඔවුන් රාමනාථපුරම් සිදුකළ මෙහෙයමුකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. වීසා නොමැතිව ඉන්දියාවේ රැඳී සිටීමේ චෝදනා මත සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව කළ විමර්ශනවලදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇතතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් බව පොලීසිය තහවුරු කරගෙන තිබේ. සංඛ සමග අත්අඩංගුවට පත්වූ අනෙක් පුද්ගලයා එස්. මොහොමඩ් නැමැත්තෙකි.

සංඛ ව්‍යාජ ඉන්දීය ජාතික හැඳුනුම්පතක් සකසා ගෙන කුමාර් යන නමින් පෙනී සිට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad