මංගලගේ අයවැය යෝජනාව අද - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 4, 2019

මංගලගේ අයවැය යෝජනාව අද

මංගලගේ අයවැය යෝජනාව අද

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 වර්ෂ්‍ය සඳහා වන අයවැය යෝජනාව මාර්තු 05 (අද)  දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සමඟ අයවැය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද අමාත්‍යවරයා පසුගිය දා සිදුකර තිබේ.

අයවැය යෝජනා හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,අයවැය දෙවන වර කියැවීමේ විවාදය මාර්තු 6 වැනි දින සිට 12 දා දක්වා ද කාරක සභා අවස්ථා විවාදය මාර්තු 13 දා සිට අප්‍රේල් 05 දා දක්වා පැවැත්වීමට නියමිතය.

අය වැය තුන්වන වර කියැවීමේ විවාදයේ ඡන්ද විමසීම අප්‍රේල් 5 දා සිදු කෙරෙනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad