Loading...
මන්නාරමේ මාන්තෙයි ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ආගමික ගැටලූවක් සම්බන්ධයෙන් වූ බහින් බස් වීමක් දුර දිග යාම නිසා එක් පාර්ශ්වයක් මන්නාරම තිරුකේතීස්වරන් ඓතිහාසික හින්දු කෝවිලේ තොරණ ගලවා වීසි කොට තිබේ.
මේ සමගම දෙපිරිස අතර ඉතා උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබූ අතර එය සමථයකට පත් කිරීම ස`දහා විශාල කාලයක් ගත වී තිබේ.
මාර්තු මස 3 දා සවස ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැණුවත් කිරීමෙන් පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ ඇතිවූ ආරවුල සමථයකට පත් කොට තිබේ.
තිරුකේතීස්වරන් ඓතිහාසික හින්දු කෝවිලේ භාරකාර පූජකවරයා පොලීසියට පවසා ඇත්තේ වෙනත් ආගමක තරුණ පිරිසක් හින්දු තරුණයින් පිරිසක් සමග ඇති කරගත් ආරවුලක් දුර දිග යාම නිසා උරණ වූ පිරිසක් කෝවිලේ දේපළ වලට අලාභ හානි සිදු කොට ඇති බවයි.
මේ ක‍්‍රියාව හේතුවේන් කෝවිලට රුපියල් ලක්ෂ 10ක පමණ අලාභයක් සිදුව ඇති බවද පූජකවරයා විසින් පොලීසියට පැමිණිලි කොට තිබේ.
තිරුකේතීස්වරන් කෝවිලේ තොරණට හා දේපළ වලට අලාභ හානි සිදු කළ පිරිස අත්ඩංගුවට ගැනීම ස`දහා මන්නාරම පොලීසිය පියවරගෙන ඇත.

දිනසේන රතුගමගේ
-දිවයින පුවත්පත

No comments:
Post a Comment