පහේ ශිෂ්‍යත්වය වෙනුවට 08 වසරේ දී විභාගයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 5, 2019

පහේ ශිෂ්‍යත්වය වෙනුවට 08 වසරේ දී විභාගයක්

පහේ ශිෂ්‍යත්වය වෙනුවට 08 වසරේ දී විභාගයක්

අධ්‍යාපන ප‍්‍රතිපත්ති තුළ දරුවන් විශිෂ්ට ලෙස විභාග සමත්වීම අවශ්‍යයි මෙන්ම ඔවුන්ට පැහැදිලි අනාගතයක් වෙනුවෙන් මං පෙත් විවර කරදීම ද අත්‍යාවශ්‍ය බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ නව කී‍්‍රඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල තැබිමේ අවස්ථාවට ඊයේ (05) පෙරවරුවේ එක් වෙමිනි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිවරයා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

ජනාධිපතිතුමා අතින් නව දෙමහල් ගොඩනැඟිල්ලට මුල් ගල තැබුණු අතර, ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් පාසල් සිසුවියක විසින් ඊට අදාළ සමරු ඵලකය නිරාවරණය කළාය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරමින් නව අධ්‍යාන ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙන්නේ දරුවන්ට තම දක්ෂතාවයන් අනුව අනාගතය ගොඩනඟාගැනීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් බවයි.

05 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 08 වසරේ දී විභාගයක් පවත්වා තම දක්ෂතාවය අනුව තෝරාගත් විෂය ක්ෂේත‍්‍රයක් ඔස්සේ දරුවන්ට ඉහළ අධ්‍යාපනය ලැබීමට නව වැඩපිළිවෙළ තුළින් අවස්ථාව ලැබෙන අතර, පාසල් වර්ගීකරණයක් සිදුකරමින් එම පාසල් අදාළ විශේෂිත විෂය ක්ෂේත‍්‍රය සඳහා පුළුල් කිරීමට අපේක්ෂා කෙරෙන බව ද  ජනාධිපතිතුමා සඳහන් කළේය.

නවෝත්පාදන සහ හරිත ආර්ථිකයට ගැලපෙන අධ්‍යාපන ක‍්‍රමවේදයකට දරුවන් යොමු කිරීම මෙන්ම කලා උපාධිය ලබාගෙන රැකියා ඉල්ලා දරුවන් මහ පාරේ උද්ඝෝෂණ කරන යුගය නිමා කිරීම නව වැඩපිළිවෙළේ අරමුණ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.


 

No comments:

Post a Comment

Post Bottom Ad