Loading...
රජය විසින් හදිසි විදුලිය මිලදී ගැනීම් සදහා පුද්ගලික බලාගාර සමගින් මාස 06 කට ගිවිසුම් ගත වීම නිසා රජය විසින් ඔවුනට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 54ක් පමණ වන බව විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රධානියෙක් පැවසීය.
එය ඩොලර් මිලියන 300ක් බවත් කී ඔහු සාම්පූර් බලාගාරය සම්පූර්ණයෙන්ම ඉනිදිරීම සදහා පැවති රජය විසින් ඇස්තමේන්තු කර තිබූ මුදල වන්නේ ඩොලර් මිලියන 350ක් යයිද පෙන්වා දුන්නේය.
මෙගාවොට් 500 ක ප‍්‍රමාණණයක් මාස 06 ක කාලයක් සදහා රජය විසින් ගිවිසුම් ගතවන්නේ එක් ඒකකයක් සදහා රුපියන් 30කට ආසන්න මුදලක් ගෙවීමටය.
හදිසි විදුලි මිලට ගැනීම්වලින් විදුලි ක්‍ෂෙත‍්‍රයේ ඉහල බලධාරීන්ට හා ප‍්‍රබල දේශපාලඥයන්ට විශාල ලෙස කොමිස් ලැබෙන්නේ යයි විපක්‍ෂයෙන් චෝදනා එල්ල වෙයි.
-lankacnews

No comments:
Post a Comment