නව අගවිනිසුරු සහ විගණකාධිපති ගැන තීරණයට ව්‍යවස්ථා සභාව 30 වනදා රැස්වේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 14, 2019

නව අගවිනිසුරු සහ විගණකාධිපති ගැන තීරණයට ව්‍යවස්ථා සභාව 30 වනදා රැස්වේ

නව අගවිනිසුරු සහ විගණකාධිපති ගැන තීරණයට ව්‍යවස්ථා සභාව 30 වනදා රැස්වේ

නව අගවිනිසුරුවරයාගේ සහ විගණකාධිපතිවරයා පත් කිරීම පිළීබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 30 වනදා රැස්වීමට නියමිතව තිබේ.

එහිදී එම තනතුරුවලට ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන පුද්ගලයින් පිළිබඳ අවසන් තීරණවලට එළඹෙනු  ඇත.

වත්මන් විගණකාධිපති ගාමිණී විජේසිංහගේ ධුර කාලය අප්‍රේල් මස 23 වන දින අවසන් වන අතර, අගවිනිසුරු නලින් පෙරේරාගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන 29 වන දිනය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගවිනිසුරුවරයා, විගණකාධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරින් රැසක් පත් කිරීමේ බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටය.

No comments:

Post a Comment

Post Bottom Ad