පොලිස් නිලධාරීන් 69ක් සාම සාධක හමුදාවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 10, 2019

පොලිස් නිලධාරීන් 69ක් සාම සාධක හමුදාවට

පොලිස් නිලධාරීන් 69ක් සාම සාධක හමුදාවට

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා එක්වීමට මෙරට පොලිස් නිලධාරීන් 69 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එම මූලස්ථානය පෙන්වා දෙන්නේ, පසුගිය 02 වන දින පැවති තෝරාගැනීමේ විභාගයෙන් මෙම පොලිස් නිලධාරීන් තේරී පත්වී ඇති බවයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් සැරයන්වරුන් ඇතුළු පිරිසක් ඊට සුදුසුකම් ලබා ඇත.

මීට අදාල විභාගය සඳහා පොලිස් නිලධාරින් 250 දෙනෙකු පෙනී සිට ඇති බව සඳහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad